Friday, September 20, 2024

General line - 0115112241

මියගිය වෛද්‍ය සිසුවා අවසන් ලියුමෙන් දුන් පණිවුඩය..!



ජීවිතය අහිමිකරගත් බවට සැකකරන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුවා ඉංග්‍රීසි බසින් ලියූ පිටු 10ක පමණ ලිපියේ  “ජීවිතය ගැන කලකිරීමෙන් ඉන්නේ. මගේ මිනිය මුහුදට ගිහින් දාන්න. මිනිය අම්මටයි තාත්තටයි විතරක්‌ පෙන්වන්න” යනුවෙන් සඳහන්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසවා.

බිබිල ප්‍රදේශයේ පදිංචි හරින්ද සෙනෙවිරත්න නමැති 27 හැවිරිදි මෙම සිසුවා සමඟ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූ සිසුන් සියලු දෙනාම උපාධිය අවසන් කර ඇතත් අවසන් විභාගය දෙවරක්‌ අසමත්වීම නිසා මොහුට වෛද්‍ය උපාධිය ලබාගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

නේවාසිකාගාරයේ එක්‌ කාමරයක සිසුන් දෙදෙනකු බැගින් සිටියත් මියගිය සිසුවා ජ්‍යෙෂ්ඨ අයකු බැවින් කාමරයේ තනිව සිට ඇත. ඔහු සිටි කාමරය දෙසින් අධික දුර්ගන්ධයක්‌ හමන බවට නේවාසිකාගාරයේ අනෙකුත් සිසුන්ට දැනීමෙන් පසු ඊයේ (11) පෙරවරුවේ දොර කඩා බැලීමේදී එම සිසුවා මියගොස්‌ සිරුර ඉදිමී තිබෙනු දැක ඇත.

කුරුඳුවත්ත පොලිසියට සිද්ධිය දැන්වීමෙන් පසු පොලිසිය පැමිණ බැලීමේදී සේලයින් බෝතල් හා එන්නත් කටු කිහිපයක්‌ හමුවීම නිසා විෂ ශරීරගත කර ගැනීමෙන් දින කිහිපයකට පෙර මරණය සිදුවී ඇතැයි පොලිසිය විශ්වාස කරයි.