Friday, September 20, 2024

General line - 0115112241

වයසට ගියත් ආස හිතෙන දේ කරන මහ රැජිණ වත්තක් මැද කරපු වැඩක් කැමරාවක සටහන් වෙයි ..! (PHOTOS)



ඇය උපන්නේ 1926 අප්‍රේල් 21දාය. මේ වනවිට වයස අවුරුදු 90කි. දැසි දස්සන් පිරිවරා ඉපිද, දැසිදස්සන් ඇතිව වසර අනූවක්ම ජීවත්වූ ඇයට වාහන එළවන්නට කිසිදු අවශ්‍යතාවක් ඇත්තේ නොවේ.

කලක් ලොවින් අඩක් පමණ පාලනය කළ ඇය වයසට ගියද තවමත් වාහනයක් වුව පදවන්නට හැකිබව තම දරු මුණුපුරන්ට පෙන්වන්නට පසුගියදා කළ උත්සාහයක් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ලෝකයම දක්නට අවස්ථාව ලැබුණි.

දෙවැනි එළිසබත් මහ රැජින තම බැල් මොරල් වතු යායේ දුෂ්කර මාර්ගයක ලෑන්ඩ් රෝවර් රථයක් පදවාගෙන දිවා ආහාරයට පසුගිය සෙනසුරාදා (10) ගියේ, කේට් කුමරියද නංවාගෙනය.

THE QUEEN DRIVING KATE(THE DUCHESS OF CAMBRIDGE) ON THE BALMORAL ESTATE NEAR LOCH MUICK. PHOTO TAKEN ON THE PUBLIC PATH WHICH TAKES YOU OUT ONTO THE GROUSE MOORS...PHOTO PETER JOLLY NORTHPIX

THE QUEEN DRIVING KATE(THE DUCHESS OF CAMBRIDGE) ON THE BALMORAL ESTATE NEAR LOCH MUICK. PHOTO TAKEN ON THE PUBLIC PATH WHICH TAKES YOU OUT ONTO THE GROUSE MOORS...PHOTO PETER JOLLY NORTHPIX