Wednesday, April 17, 2024

General line - 0115112241

වනෝද්‍යානයකට කැළිකසල බැහැර කිරීමේ ජාවාරමක් හෙළිවෙයි (PHOTOS)




පොළොන්නරුව, ගල්ලෑල්ල ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් කැළිකසල බැහැර කිරීමට පැමිණි ලොරි රථයක් වනජිවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ ට‍්‍රැක්ටර් රථයක්ද වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැණුනු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

පොළොන්නරුව, ගල්ලෑල්ල ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට කැලිකසල බැහැර කිරිම කලක් තිස්සේ සිදුව ඇතැයි විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.

ලොරි රථය සහ ට‍්‍රැක්ටරය සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි වනජීවි නිලධාරීන් පවසන්නේ.

ඔවුන් පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (13) ඉදිරිපත් කිරීමට නියමිතයි.

polonnaruwa-www-nethnews-lk00001 polonnaruwa-www-nethnews-lk00002 polonnaruwa-www-nethnews-lk00003