Friday, September 20, 2024

General line - 0115112241

15 නැගණිය ගැබිණියක් කළ 18 අයියාට හෘද සාක්ෂිය දුන් දඬුවම!



සිය පහළොස් හැවිරිදි (15) නැඟණිය ගැබිනියක් කළ බව කියන එම දැරියගේ සොහොයුරා ඊයේ (12දා) දහවල් ලණුවකින් ගෙල වැලලාගෙන නිවෙසේ මියගොස් සිටියදී සොයාගත් බව අක්මීමන පොලිසිය පවසනවා.

පෝද්දල ප්‍රදේශයේ වතුයායක පදිංචිව සිටි මේ පහළොස් හැවිරිදි දැරියගේ පියා ඔවුන් අතහැර ගොස් සිට ඇති අතර දැරිය සිය මව හා වැඩිමහල් සොහොයුරාද මවගේ දෙවැනි විවාහයේ සොහොයුරා හා සොයුරිය සමඟද නිවෙසේ ජීවත්ව සිට ඇත.

මෙම දැරිය ගැබ්ගෙන ඇති බවට ලද තොරතුරක් මත පොලීසිය විසින් ඔවුන්ගෙන් කරන ලඳ ප්‍රශ්ණ කිරීමේදී පවසා ඇත්තේ සිය සොහොයුරා මීට මාස අටකට (8) පමණ පෙර තමා දූෂණයට ලක්කළ බවත්, ඒ හේතුවෙන් ඇයට මාස අටක ගැබක් ඇති බවත්ය.

පොලීසිය විසින් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන අවස්ථාවේ ගැබ්ගත් දැරියගේ වැඩිමල් සොහොයුරා ගෙල වැලලාගෙන ඇති බවට වාර්තාවනවා.

තමා අතින් සිය නැඟණිය දූෂණයට ලක්වූ බව නැඟණිය විසින් පොලිසියට පවසාවි යැයි බියට පත්වී සොහොයුරා මෙලෙස සියදිවි නසාගන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

කෙසේ වෙතත් (18) හැවිරිදි මෙම තරුණයාගේ මළ සිරුර වැඩිදුර විමර්ශන සඳහා කරාපිටිය ශික්‍ෂණ රෝහලට භාරදී තිබිණි.

මාස අටක (8) ගැබිනියක් බව කියන මෙකී පහළොස් හැවිරිදි දැරිය කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.