Friday, September 20, 2024

General line - 0115112241

සාම්පූර් ගල්අඟුරු බලාගාරයක් නැහැ – තීරණය කියයි




සාම්පූර් ගල්අඟුරු තාප බලාගාරය ස්ථාපිත නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් තහවුරු කර ඇති බව අමාත්‍යාංශය වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සංජය රාජරත්නම් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

සීමාසහිත පාරිසරික පදනම විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමක් අද (13) කැඳවූ අවස්ථාවේ මෙම දැනුම් දීම සිදුකෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

නිසි පාරිසරික ඇගයීමකින් තොරව සාම්පූර් ප්‍රදේශයේ ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීම නීතියට පටහැනි බවත් මේ තුළින් මූලික අයිතීන් කඩවන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සමෙන් සඳහන් කර තිබුණා.

අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය විසින් සාම්පූර් ප්‍රදේශයේ ගල් අඟුරු බලාගාරයක් ඉදි නොකරන බවට නීතිපතිවරයා විසින් දැනුම් දී ඇති අතර මේ හේතුවෙන් පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.