Saturday, July 27, 2024

General line - 0115112241

ජගත් මහලේකම් රුසියාවෙන් සහ අමේරිකාවෙන් ඉල්ලීමක් කරයි




ජගත් සංවිධාන ආධාර රැගත් රථ සිරියාවට ඇතුලුවීම සඳහා අවශ්‍ය පහසුකම් සළසන ලෙස ජගත් සංවිධාන මහ ලේකම් බෑන්කී මූන් රුසියාවෙන් සහ අමෙරිකාවෙන් ඉල්ලා තිබෙනවා.

ආධාර රැගත් රථ ඊයේ (14) දිනයේදී සිරියාව වෙත පිටත් කර තිබුණත් මේ වනවිටත් රට තුළට ඇතුලුවීමට ඊට අවස්ථාව ලැබී නැති බවයි වාර්තා වෙන්නේ.

මේ නිසා තුර්කි දේශසීමාව ආසන්නයේ සිරවී සිටින 40000 ක පමණ සිරියානු වැසියන්ට ආධාර ලබාදීමට නොහැකිවී ඇති බවත් ජගත් මහ ලේකම්වරයා සඳහන් කරනවා.