Wednesday, February 5, 2025

General line - 0115112241

තල්වැට අද්දරින් පැමිණි ‘පාසැල් දැරිය’ ජාතික වාර්තාවටත් ඉහළින් පනී




86 වන ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා උළලේ දී කාන්තා රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යාපනය තෙලිප්පලෙයි මහජන විද්‍යාලයේ ජේ. අනීතා අද (15) සමත් වුණා.

ඇය දැක් වූ දක්ෂතාව මීටර් 03.35 ක්.

මීට පෙර කාන්තා රිටි පැනීමේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේ වළල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ හර්ෂණී සමුද්‍රා කුමාරියි.

ඉකුත් මැයි මාසයේ පැවති 54 වැනි ජාතික කණිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 03.34 ක දක්ෂතාවක් වාර්තා කරමින් ඇය එම වාර්තාව පිහිටුවා තිබුණා.