Friday, September 20, 2024

General line - 0115112241

එනවද පොත් ප්‍රදර්ශණේ බලන්න?එහෙනම් මෙන්න ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතු කරුණු කිහිපයක්!



පොත් කියවන්න රුචිකත්වයක් දක්වන බොහෝ අය ආසාවෙන් බලන්න ඉන්න මාසයක් තමයි සැප්තැම්බර් මාසය.ඒ සාහිත්‍යට මාසය සමගාමීව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන අන්තර්ජාතික පොත් ප්‍රදර්ශණය නිසා.අඩු මිලට පොත් ගන්න ඉන්න අයට නම් මේක මහමෙරක් වගේ අවස්ථාවක්.හැබැයි ඉතිං කොයිතරම් ලොකු වුවමනාවක් තිබුණත් හරි සැළසුමක් නැතිව පොත් ප්‍රදර්ශනේට අවොතින් නම් අඩුමිලට පොතක් ගන්නවා කෙසේ වෙතත් හිස් අතින්ම ගෙදර යන්න වේවි. ඒ නිසා අපි හිතුවා පොත් ප්‍රදර්ශනේට එන්න කලින් හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙන කරුණු ටිකක් කියන්න.

බොහෝ අය මේ පොත් ප්‍රදර්ශනේට පැමිණෙන්නේ අඩුම මිලට පොතක් ගන්න හිතාගෙන.හැබැයි ඔය අතරේ විනෝදෙට වගේ එන අයත් නැතුවම නොවෙයි.පොත් මිලදී ගැනීමේ අරමුණින් කවුරුහරි පොත් ප්‍රදර්ශණේ දිහාවට එනවනම් අනිවාර්යෙන්ම ඔබ මිලට ගැනීමට අපේක්ෂාවෙන් සිටින පොත්වල නම් ලයිස්තුවක් සකස් කරගෙන එන්න.මොකද ඔතනට ඇවිදින් සෙනග ගොඩේ ගන්න පොත් මොනවද කියලා හිත හිත ඉන්නේ නැතිව ගන්න පොත් තීරණය කරලා ආවෝතින් බොහොම ඉක්මණින් ඔයාගේ වුවමනාව ඉටුකරගෙන යන්න පුලුවන් වේවි.

ඒ විතරක් නෙමෙයි.එහෙම ලයිස්තුවක් හදාගෙන ආවාම ඔයාලට පොත් වලට වැය කරන බජට් එකත් සමාන්‍යෙයන් දළ වශයෙන් තීරණය කරලා එන්න පුලුවනි.ප්‍රදර්ශනේට ඇවිත් දකින දකින පොත ගන්න ගියොත් බඩේ පාර විදන්නේ ඔයාලගේ පොකට් එකට..

මේ පාර පොත් ප්‍රදර්ශණය තියෙන්නේ සැප්තැම්බර් 16 ඉඳන් 25 වෙනිදා වෙනකං.ඒ කියන්නේ හෙට (16) පෝය දවසේ තමයි මේ පොත් ප්‍රදර්ශණය පටන් ගන්නේ.මේ ඉරිදා නෙමෙයි ලබන ඉරිදා ඒ කියන්නේ 25 වෙනිදා තමයි පොත් ප්‍රදර්හණය අවසාන වන්නේ.හැමදාම පෙරවරු 9ට තමයි පොත් ප්‍රදර්ශණය ආරම්භ වෙන්නේ .පස්වරු 9ට අවසාන වෙනවා.

ගොඩක් අයට තියන ප්‍රශ්ණයක් තමයි සෙනග?අද සෙනග ඉඳීද?අද සෙනග නැතිවෙයිද?සාමාන්‍යයෙන් සතියේ දවස් වලදී පොත් ප්‍රදර්ශණය බලන්න එන අය සතිඅන්තයට සාපේක්ෂව අඩුවයි.අඩුයි කියන්නේ සාපෙක්ෂව හොඳද?නැතිව සෙනග නැතුව නෙමෙයි.ඒ නිසා වඩාත් පහසුවෙන් ඔයාගේ කටයුතු කරගන්න ඕනි නම් සතියේ දිනක උදෑසනින්ම වගේ පොත් ප්‍රදර්ශනේ පැත්තට ආවොතින් හිතේ හැටියට පොත් ටිකක් තෝරගන්න පුලුවන් වේවි.කලින් පොත් ප්‍රදර්ශණ බලපු බොහෝ අය කියන්නේ එක වතාවක් ගිහින් නම් මෙහි පොත් තෝරගන්න අමාරුයි කියලා.සමහර වෙලාවට පොත් ප්‍රදර්ශනේ අවසන් දිනවල තොග අවසන් කරගන්න හිතාගෙන පොත් ප්‍රකාශකයෝ පොත් වලට වැඩිපුරත් එක්ක වට්ටම් දෙනවලු.ඒ නිසා මේ කරුණු හිතලා බලලා ඔයා ප්‍රදර්ශණයට යන දවස තීරණය කරන්න.

ඒ වගේම පුලුවන් තරම් පහසු ඇඳුමක් ඇඳගෙන යන්න.ඒ වගේම බෑග් එකක් අරගෙන යන්නත් අමතක කරන්න එපා.මොකද පොත් විකුණන තැන් වලින් දෙන්නේ අපි දන්න සිලි සිලි මල්ලම තමයි.ඕකත් අතේ එල්ලන් සෙනග ගොඩේ යනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි.ඒ නිසා ඔයා ගන්න පොත් ප්‍රමාණයට සරිලන බැක්පැක් එකක් අරන් අවෝතින් වඩාත් පහසු වේවි.

තවත් වැදගත් දෙයක් තමයි කෑම බීම.ප්‍රදර්ශනේ ඇතුලේ කෑම බිම ගන්න පුලුවන් තැන් තියනවා.ඒත් පුංචි බිස්කට් පැකට් එකක් වතුර බෝතලයක් දාගෙන ආවට පාඩුවක් වෙන්නේ නැහැ.වතුර බෝතලයක් නම් අනිවාර්යෙන්ම අරගෙන එන්න.මොකද රස්නයට සෙනග ගොඩේ තෙරපි තෙරපි යන විඩාවට වතුර නම් බොහෝ වුවමනා වේවි.

මේ තවත් වැදගත් කරුණක්.ප්‍රදර්ශනේට ආවට පස්සේ ඔහේ ඇවිදින්න පටන් ගන්න එපා.දොරටුවෙන් දෙනවා සිතියමක්.ඒක හොඳන් බලන්න.සාමාන්‍යයෙන් එක වගේ පොත් කඩ තියෙන්නේ එකම පැත්තක.ඒ කියන්නෙ නවකතා ඕනෙ නං එක පැත්තක්, අධ්‍යාපනික පොත් සාප්පු තව පැත්තක, විදේශ පොත් කඩ තව තැනක, ඒ වගේ.ඒ වගේම පොත් ප්‍රදර්ශනේ ඇප් එක වුණත් මේකට ඔයාලට පාවිච්චි කරන්න පුලුවන්.

හැමදෙනාගෙම බලාපොරොත්තුව අඩුම මිලට පොතක් මිලට ගන්න එකනේ.එහෙනම් මේ කරුණත් අනිවාර්යෙන්ම වැදගත් වේවි.ලංකාවේ නමගිය පොත් ප්‍රකාශකයෝ වගේම පොත් සාප්පු කිහිපයක් තියනවානේ.බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නේ තමන් තෝරාගත් අයගෙම ස්ටෝල් එකට විතරක් යන්න.ඒ නිසා ලොකු ප්‍රකාශකයෙක් ලොකු පොත් සාප්පුවක් කියලා ඒ අයගේ ස්ටෝල් එකට විතරක් ගිහින් බලන්න එපා..මොකද වැඩිය අවධානය යොමුවෙන්නේ නැති පොඩි ස්ටෝල් එකක ඔයා හිතනවටත් වඩා අඩුවට, පොත් වලට වට්ටම් ලබාදෙන්න පුලුවනි.මොකද එයාලට ලොකු තැන් එක්ක තරඟකාරී වෙන්න ඕන නිසා.හොඳට හොයලා බැලුවොත් ඔයා මිලට ගන්න ඉන්න ඕනෑම පොතක් මෙහිදී සොයාගන්න බැරිවෙන්නේ නැහැ.

තමන්ගේ පෞද්ගලික බඩුබාහිර ආදිය පිළිබඳ සැලකිලිමත්වන්න.මොකද තමන්ගේ දේවල් ගැන ආරක්ෂාව තමන් සතුයි.

මේක නම් හැමදෙනාගෙන්ම කරන ලොකුම ඉල්ලීමක්.කරුණාකරලා කුණු නම් තැන තැන දාන්න එපා.තමන් කන දේවල් බොන දේවල් ප්ලාස්ටික් බොත්ල්, බකට් ,අරවද මේවද මේ කිසි දෙයක් තැන තැන දාන්න එපා.ඒවා කසළ භාජනයකට දමන්න.ගිය පාර පොත් ප්‍රදර්ශනේ කාලේ පොත් ප්‍රදර්ශනේ බලන්න ආපු අය තැන තැන දාලා තිබුණු කුණු දැක්වෙන පින්තූර ෆේස්බුක් එකේ ෂෙයාර් වුණා සමහරුන්ට මතක් ඇති.කරුණාකරලා ඒ වැඩේ කරන්න එපා.

ඔන්න ඉතිං පොත් ප්‍රදර්ශනේ බලන්න එන ඔයාලට වැදගත් වෙයි කියලා හිතන උපදෙස් ටිකක් අපි දුන්නා.මේ උපදෙස් ඔයාලට වැදගත් වෙයි කියලා අපි හිතනවා.

තවත් දෙයක් කියන්න අමතක වුණා.හෙටින් ආරම්භ වන පොත් ප්‍රදර්ශනේට Neth fm අපිත් එනවා.අපි ඔයාලා වෙනුවෙන්ම ‘සෙල්ෆි ගන්න තෑගි දිනන්න‘ කියලා පුංචි ඉවෙන්ට් එකකුත් සංවිධානය කරලා තියනවා.ඔයාලට කරන්න තියෙන්නේ පුංචි දෙයයි.එන්න අපේ Neth fm කුටිය පැත්තට.ඇවිත් අපේ Neth fm කුටිය ඉදිරියේ ඉඳන් සෙල්ෆි එකක් ගහලා Neth fm අපගේ ෆේස්බුක් පිටුවට පොස්ට් කරන්න.ඔයාලා පොස්ට් කරන සෙල්ෆි අපි ඒ වෙලේම අපේ Neth Selfie Star 2016 Event Page එකට එක්කරනවා.පස්සේ ඒ ඡායාරූප අතුරින් ජයග්‍රාහකයෙකු තේරලා ඒ අවස්ථාවේම ඔවුන්ට ත්‍යාග ලබාදීමටත් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.එහෙනම් හෙටින් ආරම්භ වෙන පොත් ප්‍රදර්ශනේට ඇවිත් පොත් ගන්න අතරේ අපේ Neth fm කුටියටත් ගොඩ වැදිලා යන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා.