Thursday, April 25, 2024

General line - 0115112241

ඥාණසාර හිමිට මරණීය තර්ජණය කළ සාලී ත්‍රස්තවාදියෙක්ද ?




හිටපු පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලි මහතා වහාම අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් සිංහල රාවය සංවිධානය පොලිස්පතිවරයා වෙත අද (05) පැමිණිල්ලක් භාරදුන්නා.

ඒ සම්බන්ධයෙන් එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මෙලෙස අදහස් දැක්වූවා.

“බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ව මරාගෙන මැරෙනවැයි කියලා මරණීය තර්ජනය කරපු අසාද් සාලී වහාම අත්අඩංගුවට අරගෙන නීතිය හමුවට පමුණුවන්න කියන ඉල්ලීම කරලා තමයි අද පොලිස් මූලස්ථානයට ගිහින් පොලිස්පතිතුමාට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ. අපි විශේෂයෙන්ම සිංහල බෞද්ධයන් හැටියට අවදියෙන් ඉන්නවා. ඥාණසාර හිමියන්ට යම් සීරීමක් හරි සිදුවූනෝතින් සම්පූර්ණ වගකීම අසාද් සාලී ඇතුළු මුස්ලිම් කවුන්සිලය භාරගන්න ඕනේ”.

අසාද් සාලි මහතා කිසියම් ත‍්‍රස්ත සංවිධානයක සාමාජිකයෙකු දැයි සාධාරණ සැකයක් පවතින බවද පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මෙහිදී කියා සිටියා.

“අපිට සාධාරණ සැකයක් තිබෙනවා අසාද් සාලී ජිහාඩ් සංවිධානයේ සාමාජිකයෙක්ද , අයි එස් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙක්ද එහෙමත් නැත්නම් LTTE සංවිධානයේ සාමාජිකයෙක්ද කියලා. මොකද දිවිනසා ගැනීමට හැකියාව තිබෙන්නේ එවන් වූ ත්‍රස්ත සංවිධානයක සාමාජිකයෙකුට පමණයි අපි දන්නා පරිදි”.