Friday, April 19, 2024

General line - 0115112241

පානදුර මුහුදේ ගිලී දෙදෙනෙකු මරුට – දෙදෙනෙකු අතුරුදන්




පානදුර මුහුදේ ගිලී තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ තවත් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

ඔවුන් සෙවීම සඳහා නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ‍

අද දහවල් මොවුන් පානදුර මුහුදේ දිය නාමින් සිටියදී දිය වැලකට හසුව මෙලෙස ගසාගෙන ගොස් ඇති බවයි සිද්ධිය ඇසින් දුටූවන් ප‍්‍රකාශ කර ඇත්තේ.