Friday, March 29, 2024

General line - 0115112241

අතුරුදන් වූ තරුණයින් දෙදෙනාගේ මළ සිරුරු සොයා ගැනෙයි




පානදුර මුහුදේ දියනෑමට ගොස් අතුරුදන් වූ තරුණයින් දෙදෙනාගේ මළ සිරුරු සොයා ගෙන තිබෙනවා. ඒ, වාද්දුව සහ පානදුර යන වෙරළතීරයන්ට ගොඩගසා තිබියදීයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 19 සහ විසි දෙහැවිරිදි වියේ පසුවන තරුණයින් දෙදෙනෙක්.

මෙම තරුණයින් දෙදෙනා දියේ ගිලී අතුරුදන් වූයේ ඊයේ (16) දහවල් කාලයේදීයි.

තවත් දෙදෙනෙකු සමග ඔවුන් පානදුර මුහුදේ දිය නෑමට පැමිණ තිබුණා. ඔවුන් සිව්දෙනාම දියේ ගිලී ඇති අතර පසුව දෙදෙනෙකු බේරාගෙන පානදුර රෝහලට ඇතුළත් කළා. ඉන් එක් අයෙකු පසුව ජීවිතක්ෂයට පත් වුණා.

 

සබැඳි පුවත් 

පානදුර මුහුදේ ගිලී දෙදෙනෙකු මරුට – දෙදෙනෙකු අතුරුදන්