Saturday, September 21, 2024

General line - 0115112241

යෝෂිතට රට යන්න අවසර




මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා ලැබ විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින යෝෂිත රාජපක්‍ෂට මසක කාලයක් සදහා විදෙස් ගතවීමට අධිකරණය අද (28) අවසර ලබාදුන්නා. කොළඹ මහාධිකරණ විනිසුරු ඒ ඒ ආර් හෙයියන්තුඩුව මෙම නියෝගය නිකුත් කළේ යෝෂිත රාජපක්‍ෂ ගොණුකළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

තම පාදයක වළලූකර ආශි‍්‍රතව ඇති ආබාධයක් සදහා  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර රෝහලකින් ප‍්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය බව යෝෂිත රාජපක්‍ෂ අධිකරණයට දැනුම් දී තිබුණා. රගර් කී‍්‍රඩා කිරීමේදී එම ආබාධය ඇති වූ බවයි ඔහු පෙන්වා දී තිබුණේ. කෙසේවෙතත් මෙම ඉල්ලීමට විරෝධය දැක්වූ නීතිපතිවරයා පෙන්වා දුන්නේ ඔහුට ඒ සදහා මෙරට රෝහලකදි ප‍්‍රතිකාර ලබාගත හැකි බවයි.

කෙසේවෙතත් කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා යෝෂිත රාජපක්‍ෂට මසක කාලයක් සදහා විදේශ ගතවීමට අවසර ලබාදුන්නා.