තරුණයෝ පිරිසක් එකතුවෙලා සිඳීගිය ජල පහරක හිටපු මාලුවෝ වගයක් වෙනත් තැනකට අරන් ගිහින් ඔවුන්ගේ ජීවිත බේරගත්තු පුවතක් පසුගිය දවසක අප ඔබට කිව්වා මතක ඇති.
මේ කරන අය ගැන වැඩි විස්තරයක් සඳහන් නොවුණත් මෙයාලාගේ මේ වැඩේ සමාජ ජලා වල උදවිය බොහොම අගය කර තිබුණා.
ඒ කොහොම වුණත් මාළුවන්ගේ ජීවිත බේරගන්න උදව් කළ අය අතර හිටපු අවුරුදු 16ක රංවල පැත්තේ පදිංචි සිසුවෙක් ගොඩකවෙල වැවේ ගිලී මියගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
පොලීසිය සිවිල් ආරංක්ෂක අංශ හා ප්රදේශවාසින් එකතුවෙලා ඔහුගේ දේහය සොයාගත් බවයි වාර්තාවන්නේ.
ගොඩකවෙල පොලීසිය මේ පිලිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා කියලයි වාර්තාවන්නේ.
හිත හොඳ මිනිසුන්ට ඉක්මණින්ම මේ ලෝකේ හැරදාලා යනවා කියන්නේ මේ නිසාම වෙන්නැති.
‘ගමම හඬවා සඳහටම ඔබ අපෙන් වෙන්ව ගියත් ඔබේ මතකය කිසිදා නොමියනු ඇත‘‘ ඔහු ගේ මිතුරෙක් ඔහුට සමුදී තිබුනේ එලෙසිනුයි.
ඔවුන් එක්වී මළුවන්ගේ දිවි ගලවාගත් මොහොතේ ඡායාරූප