වත්තේගම, අටලහගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, වත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් විසින්. සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වනවා.
එම මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බවයි වත්තේගම පොලීසිය පැවසුවේ.