Friday, March 29, 2024

General line - 0115112241

පෘතුගාලය අවසන් මහා තරගයට




යූරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පෘතුගාලය ඊයේ (06) සමත් වුණා.

ඒ, ගෝල 2 ට බින්දුවක් ලෙස අවසන් පූර්ව තරගයේදී වේල්සය පරාජය කරමින්. තරගයේ පළමු අර්ධයේදී දෙපිළම ගෝල වාර්තා කිරීමට සමත් වූයේ් නැහැ. දෙවන වටයේදී ගෝල 2 ක් වාර්තා කිරීමට පෘතුගාලය සමත් වුණා.

50 වන විනාඩියේදී කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ සහ 53 වන විනාඩියේදී ලූයිස් නානි පෘතුගාලය වෙනුවෙන් ගෝල වාර්තා කළා.

පෘතුගාලය යූරෝ කුසලාන පාපන්දු ඉතිහාසයේ අවසන් මහා තරගයකට පිවිසි 2 වන අවස්ථාව මෙය වනවා. ඔවුන් 2004 වර්ෂයේදී යූරෝ පාපන්දු කුසලානය දිනාගැනීමට සමත් වුණා. යූරෝ කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන   අවසන් පූර්ව තරගය සත්කාරක ප‍්‍රංශය සහ ජර්මනිය අතර අද (07) පැවැත්වීමට නියමිතයි.

13589108_10210017101410426_1620683320_o