Wednesday, April 24, 2024

General line - 0115112241

මැතිව් අමෙරිකාවත් පසු කරමින් ඉදිරියට ඇදෙයි (VIDEO)




මේ වනවිට මැතිව් සුළි කුණාටුව ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය පසුකර අධික සුළං සහිතව ජෝර්ජියා සහ කැරොලිනා ප්‍රාන්තවලට බලපෑම් එල්ල කරමින් තිබෙනවා.

මැතිව් චණ්ඩ මාරුතය හේතුවෙන් ඇමරිකාවෙන්ද පුද්ගල මරණ හතරක් වාර්තා වී ඇති අතර ප්‍රදේශ රැසකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබුණා.

හයිටි රාජ්‍යට දැඩි විනාශයක් සිදුකළ මැතිව් චණ්ඩ මාරුතයෙන් එරට පුද්ගලයන් 900 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව නවතම විදෙස් වාර්තා ප්‍රකාශ කරනවා. එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.

අඟහරුවාදා හයිටි රාජ්‍යය හරහා හමාගිය බිහිසුණු කුණාටුව හේතුවෙන් මියගිය  සහ ආපදාවලට ලක්වූ පුද්ගලයන් සොයා තවත් බොහෝ ප්‍රදේශවලට යාමට අපහසු වී ඇති හෙයින් විපතට පත්වූවන්ගේ ගණන සැබෑ ලෙසම ගණනය කළ නොහැකි තත්වයක් පවතින බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.