Sunday, October 1, 2023

General line - 0115112241

සිකා ආසියාවට අනතුරු අඟවයි




සිකා වෛරසය ආසියානු කලාපීය රටවල පැතිර යාමේ වැඩි අවධානමක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා තිබෙනවා.

මදුරුවන් මගින් බෝවන සිකා වෛරසය මේවන විට ලොව රටවල් 70 ක පමණ පැතිර තිබෙනවා. ඉන් 19 ක්ම ආසියා පැසිෆික් කලාපීය රටවල් බවයි හඳුනාගෙන ඇත්තේ.

සිකා වෛරසය සම්බන්ධ ආසාධන තත්ත්වයන් සිය ගණනක් සිංගපුරුවෙන් වාර්තාවී ඇති අතර තායිලන්තයෙන් ද රෝගීන් දෙදෙනෙකු හමුවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ.