Monday, September 23, 2024

General line - 0115112241

පොලීසියත් සීරුවෙන් තබා ජනපති – අගමැති මහ රෑ හමුවූයේ ඇයි?




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ රාත්‍රියේ සිදුව තිඛෙනවා.

දේශපාලන ආරංචි පවසන්නේ අමාත්‍ය සාගල රත්නායකද මේ සඳහා සහභාගි වී ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව , පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විවේචනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයෙන් පසු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවැති පළමු සාකච්ඡාවද මෙය වනවා.

ජනාධිපතිවරයා සිය කථාවේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට කැඳවීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයද මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට ලක්වී තිඛෙන්නක්.

මේ අතර ජනපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කොල්ලූපිටිය වාලූකාරාම විහාරස්ථානයේ වාර්ෂික මහා පෙරහැර වීථී සංචාරය කෙරුණු අවස්ථාවටද ඊයේ එක්ව සහභාගි වී සිටියා. දෙදෙනා අතර හමුව සිදුව තිඛෙන්නේ ඉන් අනතුරුවයි.