Monday, September 23, 2024

General line - 0115112241

පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය ගැන පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිසමට දැනුම් දෙයි




පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් පවතින බවට පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.

ඒ, අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහායි.

ඒ අනුව  මනාප ලැයිස්තුවේ මීළඟට සිටින ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා එම මන්ත්‍රී ධූරය සඳහා පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදන නිකුත් කිරීම සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාගේ නම මැතිවරණ කොමිසම විසින් රජයේ මුද්‍රණාලයට යොමුකර ඇතැයි වාර්තා වුණා.