Monday, September 23, 2024

General line - 0115112241

ඔළුගෙඩි මාරුවකින් ආණ්ඩු පෙරළියක්?




2020 තෙක් නොසිට ආණ්ඩු පෙරලියක් සිදු කළ හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ් පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඔලූගෙඩි මාරුවකින් එවැනි වෙනසක් සිදු කළ හැකි බවයි.

මේ වන විට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් අතර ලොකු දේශපාලන අර්බුදයක් පවතින බවත්, ඇමතිවරු කළකිරී ඇති වත්, ආණ්ඩුව වෙනස් කිරීමට 2020 වනතුරු සිටීමට අවශ්‍ය නැති බවත් ඔලුගෙඩි මාරුවකින් එය සිදුකළ හැකි බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.