Monday, September 23, 2024

General line - 0115112241

බන්ධනාගාර වල සී සී ටී වී සැලැස්ම නවතියි




කොළඹ පිහිටි බන්ධනාගාර පරිශ්‍ර තුළ සී සී ටී වී කැමරා සවි කිරීම අතහැර දැමීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිඛෙනවා.

මීට පෙර සැලසුම් කර තිබුණේ් වැලිකඩ, කොළඹ රිමාන්ඩ් සහ මැගසින් යන බන්ධනාගාරයන්හි සී සී ටී වී කැමරා සවි කිරීමටයි.

පසුව කළ මිල ගණන් කැඳවීමකට අනුව එක් බන්ධනාගාරයකට කැමරා සවි කිරීමට රුපියල් මිලියන 30 ක් පමණ වැය වන බව ඇස්තමේන්තු කර තිඛෙනවා.

ඒ බව සැලකිල්ලට ගෙන කොළඹ පිහිටි බන්ධනාගාර පරිශ්‍ර තුළ සී සී ටී වී කැමරා සවි කිරීමට ගත් තීරණය අතහැර දැමූ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය කියා සිටියේ.

කෙසේවෙතත් අදාළ බන්ධනාගාර තුනෙහි පිවිසුම් ගේට්ටු ඉදිරිපිට සී සී ටී වී කැමරා සවි කිරීමට කටයුතු කරන බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකරරයා පැවසුවා.