Friday, September 20, 2024

General line - 0115112241

වැට් බද්දෙන් ජනතාවට සහන දෙන්න සූදානම්




මහජනතාවට සහන සැලසෙන පරිදි වැට් බද්ද සංශෝධනය කිරීමට සාකච්ඡා ආරම්භ වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවැත් වූ මාධ්‍ය හමුවකදීයි.

වැට් බද්දෙන් නිදහස් කෙරුණු ද්‍රව්‍ය සඳහා එම සහනය තවදුරටත් හිමිවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මෑතකදී සිදුකෙරුණු වැට් බද්ද සංශෝධනය සම්බන්ධයෙන් තොග හා සිල්ලර වෙළෙඳුන් ඉදිරිපත් කරන මැසිවිලිද ආණ්ඩුවේ අවධානයට යොමු වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියා.