Thursday, April 25, 2024

General line - 0115112241

ලොව වයස්ගතම පැන්ඩා මිය යයි (VIDEO)




ලොව වයස්ගතම පැන්ඩා ලෙස සැලකෙන හොංකොංහි ජියා ජියා (Jia Jia) පැන්ඩා මියගොස් තිබෙනවා. ඒ වනවිට පැන්ඩාගේ වයස අවුරුදු 38 ක්.

මෙම පැන්ඩා ගැහැනු සත්වයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම පැන්ඩා 1999 වසරේ සිට හොංකොංහි සංචාරකයින්ගේ නොමඳ ආකර්ෂණයක් දිනාගත් සත්වයෙක්.

කෙසේ වෙතත් පසුගිය සති කිහිපයේ සත්වයාගේ බර දිනකට කිලෝ 03 බැගින් අඩු වූ බවයි සත්වෝද්‍යාන බලධාරීන් ප‍්‍රකාශ කර ඇත්තේ.

මෙම සත්වයා මිය ගියේ කැනඩාවේ ටොරොන්ටෝ සත්ව උද්‍යානයේ ජීවත්වන ලෝක ප‍්‍රකට නිවුන් පැන්ඩා පැටවුන් දෙදෙනා සිය පළමු උපන් දිනය සමරද්දී වීම ද විශේෂත්වයක්.

111309842_jia_jia_-news-large_transqvzuuqpflyliwib6ntmjwfsvwez_ven7c6bhu2jjnt8 111333632_giant_panda_jia_jia_eats_beside_a_birthday_cake_-news-large_transqvzuuqpflyliwib6ntmjwfsvwez_ven7c6bhu2jjnt8

Giant panda Jia Jia, looks on at the Hong Kong Ocean Park, China July 9, 2015. REUTERS/Tyrone Siu
Giant panda Jia Jia, looks on at the Hong Kong Ocean Park, China July 9, 2015. REUTERS/Tyrone Siu