Monday, September 23, 2024

General line - 0115112241

ජී.එස්.පී. ප්ලස් ගැන බ‍්‍රසල්ස් නුවරින් සුභ පණිවිඩයක්




ජී.එස්.පී. ප්ලස් බදු සහනය මෙම වසර අවසන් වීමට පෙර ශ‍්‍රී ලංකාට නැවත ලැබෙනු ඇතැයි ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා විශ්වාසය පළ කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ඒ සඳහා වූ සාකච්ඡා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ යුරෝපා සංගමයේ නියෝජිතයින් අතර ඵලදායීව සිදු වන බවයි.

බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවර දී එම සාකච්ඡා සිදු කෙරෙනවා.

ජී එස් පී ප්ලස් බදු සහනය මගින් යුරෝපා කලාපයේ රටවල් 26 කට තීරු බදු නොමැතිව භාණ්ඩ අපනයනය කිරීමට ශ‍්‍රී ලංකාවට හැකිවන බවයි රාජ්‍ය අමාත්‍ය නිරෝෂණ පෙරේරා වැඩිදුරටත් කියා සිටියේ.