Monday, September 23, 2024

General line - 0115112241

අනුර කුමාර දිසානායකට පාර්ශව රැසකගෙන් සුබපැතුම්




9 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතා වෙත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සුබපැතුම් එක් කර තිබෙනවා.

' ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අසීරු අභියෝගාත්මක අවස්ථාවෙන් රට හා රට වැසියා ඔසවා තැබීමට සිය පාර්ශවය ඉටුකරන ලද කාර්ය ඉදිරියටත් කරගෙන යමින් ජනතාවට සුබසිද්ධිය සැලසීමට අභිනව ජනාධිපතිවරයාට හැකිවේවායි ප්‍රාර්ථනා කරන බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර 9 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතා වෙත තවත් පාර්ශව රැසක් සුබ පැතුම් එක් කර තිබෙනවා. 

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අභිනව ජනාධිපතිවරයාට සුබපැතුම් එක් කළේ බත්තරමුල්ල ජාතික ජනබලවේගය පක්‍ෂ කාර්යාලය වෙත පැමිණයි.' 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් මෙන්ම සිය ජනතාවට වෙනුවෙන් තමන් සුබපැතුම් එක් කරන බවයි ඔහු අනුර කුමාර දිසානායක අභිනව ජනාධිපතිවරයා වෙත එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම ජනාධිපති ධුරයට තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතා වෙත මෙරට ජපාන තනාපති මිසුකොෂි හිදෙඅකි ද සුබපැතුම් එක් කර තිබෙනවා.

' දෙරට අතර මිත්‍රශීලි සබදතාවය තවදුරටත් වර්ධනය කිරීම සදහා අභිනව ජනාධිපතිවරයාවරයා සමග සමීපව කටයුතු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ජපාන තානාපතිවරයා පවසන්නේ.' 

ඒ අනුව ආර්ථික හා සමාජීය ඉලක්ක මෙන්ම, ශක්තිමත් සබදතාවයන් සාක්ෂාත් කර ගැනීම සදහා අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පරිපාලනය සහ ශ්‍රී ලංකාවාසී ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ජපානය සූදානම් බවයි තානාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ අතර නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාට අමෙරිකානු තානාපතිනි' ජූලි'චංග්ද'සුබ පැතුම් එක් කර තිබෙනවා. 

ඒ, එක්ස් පණිවිඩයක් නිකුත් කරමින්. ශ්‍රී ලංකාව සමග එකට වැඩ කිරීමට අමෙරිකාව සුදානම්ව සිටින බවයි ඇය නිකුත් කළ එක්ස් පණිවිඩයේ දැක්වෙන්නේ.