Monday, September 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව නැමති දරුවා අනුරට බාර දෙන බව රනිල් කියයි




ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා තමන් මෙතෙක් ආරක්‍ෂිකව වැල් පාලමේ ගෙන ආ බවත් අභිනව ජනාධිපතිවරයා යටතේ එම දරුවා වඩා ආරක්‍ෂිතව වැල් පාලමෙන් එතෙර කරවීමට හැකියාව ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බව ජනාධිපති ධුරයෙන් නික්ම යන රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එමෙන්ම බලය ඇතත් නැතත් තනතුරු ඇතත් නැතත් රටේ ජනතාවට තමන්ගෙන් විය යුතු යුතුකම් අදාළ අවස්ථාවේදී කිසිදු පැකිලිමකින් තොරව තමන් විසින් ඉටුකරන බවයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.

කඩා වැටී තිබූ රට නගා සිටුවීමට සිය පාලන කාලය තුළදි තමන්ට හැකි වූ බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.