Monday, September 23, 2024

General line - 0115112241

විදුලිය අදත් කැපෙයි – තිරසාර විසඳුමකට ගැඹුරු සාකච්ඡාවක්




විදුලි අර්බුදයට තිරසාර විසඳුම් සොයා ගැනීම සඳහා ගැඹුරු සාකච්ඡාවක් අවශ්‍ය බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා.

බිඳ වැටී තිබෙන නොරොච්චෝලේ බලාගාරය නැවත ක‍්‍රියාත්මක කිරීමෙන් පසු එම සාකච්ඡාව ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

බිඳ වැටී තිබෙන නොරොච්චෝලේ බලාගාරයේ අලුත්වැඩියා කටයුතු අදත් සිදු කෙරෙනවා.

කොළඹ නගරය සහ ප‍්‍රධාන කර්මාන්ත ජනපද හැර රට පුරා සෙසු ප‍්‍රදේශවලට අදත් පැය එක හමාරක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

උදෑසන අටේ සිට පැයක කාලයක් සහ සවස හයේ සිට පැය භාගයක කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කෙරෙනු ඇති.