Monday, September 23, 2024

General line - 0115112241

උද්ඝෝෂණ නිසා මූල්‍ය නගර ව්‍යාපෘතිය නවත්වන්නේ නැහැ




ඇතැම් ධීවරයින් විරෝධය පළ කරමින් උද්ඝෝෂණවල නිරත වුව ද මූල්‍ය නගර ව්‍යාපෘතිය ඒ නිසා නතර නොකරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක අවධාරණය කරනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා සිදු කරන වැලි කැණීම් නිසා මීගමුව මුහුදු කලාපයේ මත්ස්‍ය සම්පත විනාශ වන බව පවසමින් ධීවරයින් පිරිසක් ඊයේ (17) උද්ඝෝෂණයක නිරත වුණා.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ අදහස් පළ කළේ ඊට ප‍්‍රතිචාර දක්වමින්. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවෙදී පැවැත්වුණු මාධ‍්‍ය සාකච්ඡාවකදීයි.

මූල්‍ය නගර ව්‍යාපෘතිය නිසා කිසියම් අයෙකුට හානියක් සිදු වන්නේ නම් එවැන්නන්ට වන්දි ලබාදෙන බව ද අමාත්‍ය පාඨලී චම්පික රණවක එහි දී කියා සිටියා.

එම සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව පහතින් බලන්න

press-1 press-2 press-3 press-4 press-5 press-6