Monday, September 23, 2024

General line - 0115112241

ඖෂධ මිල සිකුරාදා සිට අඩුවෙයි




ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය ලබන සිකුරාදා නිකුත් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල විශ්වාසය පළ කරනවා.

මෙම ගැසට් නිවේදනය නිකුත් කළ වහාම මිල අඩු කිරීමේ නියෝග බලාත්මක වනු ඇති.

පළමු අදියර ලෙස ඖෂධ වර්ග 48 ක පමණක් මිල අඩු කළත්, ඉදිරියේ දී සෙසු ඖෂධවල ද මිල අඩු කිරීමට කටයුතු කරන බව මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.
ඖෂධ මිල ගැසට් නිවේදනයකින් අඩු කරනවා සේම නියම කරන මිලට අලෙවි කෙරෙන්නේදැයි සොයා බැලීමට ද යාන්ත‍්‍රණයක් සකස් කර තිබෙනවා.

ඒ අනුව ඖෂධ අලෙවිය අධීක්ෂණය කිරීම සඳහා ආයතන දෙකකට බලය පවරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පැවසුවේ.