Monday, September 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ටෙස්ට් ජයක්




සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගනු ලැබුවේ ලකුණු 63කින්.

ශ්‍රී ලංකාවේ පළමු ඉනිම සඳහා ලකුණු 305ක් ද දෙවෙනි ඉනිම සඳහා ලකුණු 309ක් ද රැස් කළා.

සංචාරක නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 340ක් රැස්කල ද දෙවෙනි ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ඔවුන්ට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 211ක් පමණයි.