Monday, September 23, 2024

General line - 0115112241

කලාපීය නායකයෝ එකම මේසයක – ඉතිහාසයේ දුර්ලභ අවස්ථාවක් (PHOTOS)




බ්‍රික්ස් – බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වූ සියළු රාජ්‍ය නායකයන්ගේ වටමේස සාකච්ඡාව ඉතා සාර්ථක ලෙස අවසන් වුණා. කලාපීය බලවතුන් සියළුදෙනා එක් මේසයක අසුන්ගත් දුර්ලභ අවස්ථාවක් ලෙස මෙය ඉතිහාසගතවන බව සියළු රටවල ජනමාධ්‍ය ඉතා ඉහළින් වාර්තාකර තිබුණා.

කලාපීය වශයෙන් වැදගත් සාකච්ඡා රැසක් පොදුවේ සහ වෙන වෙනම ද්වීපාර්ශවීය වශයෙන් සිදු වූ බවයි දක්නට ලැබුනේ. මේ සඳහා සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද කලාපීය නායකයන් සියල්ල එක් අවස්ථාවක මුණගැසීමට ලැබීම ශ්‍රී ලංකාව ලද විශිෂ්ඨ ජයග්‍රාහණයක්.

ඉන්දියාවේ ගෝවාහී පැවති බ්‍රික්ස් – බිම්ස්ටෙක් සමුළුව අවසන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17) පස්වරුවේ යළි දිවයිනට පැමිණියා.

සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන්

සත්කාරක ඉන්දියාව – අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි

රුසියාව – ජනාධිපති වැලැඩ්මීර් පූටීන්

චීනය – ජනාධිපති ෂී ජින් පින්

දකුණු අප්‍රිකාව – ජනාධිපති ජැකොබ් සූමා

බ්‍රසීලය – ජනාධිපති මිචෙල් ටැමර්

තායිලන්තය – උප අගමැති විරසාක්ධී ෆුරකුල්

බංග්ලාදේශය – අගමැතිනී ෂික් හසීනා

මියන්මාරය – නායිකා අවුන්සාන් සුඛී

බූතානය – අගමැති ෂෙරීන් ටොබේ

නේපාලය – අගමැති පුෂ්ප කමල් දාල්

ශ්‍රී ලංකාව – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

01-10

14694675_10208736050416252_1691765705_n01 02 02-7 03 04 05-4 06 07 before_the_meeting_of_brics_leaders_with_heads_of_delegations_of_bimstec_member_states_2016 cu4jmv3waaawsb8 cu5lzbaukae-15q list