Monday, September 23, 2024

General line - 0115112241

නොරොච්චෝලේ බිඳ වැටීම ගැන තවත් පරීක්ෂණයක්




නොරොච්චෝලේ බලාගාරයේ ඉකුත් දා සිදු වූ හදිසි බිඳ වැටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.

නොරොච්චෝලේ බලාගාරයේ සිදු වූ හදිසි බිඳ වැටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය විසින් ද කමිටුවක් පත්කර තිබෙනවා. අලුත් වැඩියා කටයුතු ද තවදුරටත් සිදු කෙරෙන බවයි එම අමාත්‍යංශය පැවසුවේ.

නොරොච්චෝලේ බලාගාරයේ සිදු වූ හදිසි බිඳ වැටීම හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වී ඇති විදුලි ධාරිතාව මෙගාවොට් 900 ක්.

මේ නිසා දෛනිකව පැය එක හමාර බැගින් විදුලිය කප්පාදු කිරීමට සිදුව තිබෙනවා. අදත් උදෑසන අටේ සිට පැයක කාලයක් විදුලිය කප්පාදු කෙරුණා.

සවස හයේ සිට තවත් පැය භාගයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි. කෙසේ වෙතත් පාරිභෝගිකයින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළහොත් මෙලෙස විදුලිය කප්පාදු කෙරෙන කාලය අඩු කළ හැකි බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය කියා සිටියා.