Monday, September 23, 2024

General line - 0115112241

ටිරාන් අලස්ට නඩු පැවරීමට බාධාවක් නැහැ




හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස්ට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ නඩු පැවරීම සඳහා බාධාවක් නොමැති බවට ශ්‍රේෂාඨාධිකරණය අද (18) තීන්දු කළා.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ රාඩා ආයතනයේ සිදු වූ ප‍්‍රශ්නගත ගනුදෙනුවක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව මහාධිකරණයේ පවරා ඇති නඩුවකට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණාය් අර්ථ නිරූපණයක් ඉල්ලා ටිරාන් අලස් විසින් ගොනු කළ අයදුමක් සලකා බලමින්.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මීට පෙර ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇතැයි ද ඒ අනුව ඔහුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට හැකියාවක් නොමැති බවට ද මෙම අයදුමෙන් තර්ක කර තිබුණා.

කෙසේ වෙතත් අදාළ අතුරු තහනම් නියෝගයෙන් ටිරාන් අලස්ට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ නඩු පැවරීමට බාධාවක් ඇති නොකරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර සිටියේ.