Monday, September 23, 2024

General line - 0115112241

රැකියා වීඩියෝවට සජිත්ගෙන් පිළිතුරු




හම්බන්තොට ප්‍රදේශයේ රැකියා විරහිත පුද්ගලයන් පිරිසකට රැකියා ලබාදීමට නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස කටයුතු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් හේතුවෙන් ඔහු පිළිබඳව මේ වන විට සමාජ ජාල ඇසුරෙන් දරුණු විවේචන එල්ල වෙමින් තිබෙනවා.

කෙසේ වෙතත් තමන්ට එල්ල වන චෝදනා සඳහා අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමෙන් ප්‍රතිචාර දක්වා තිබුණා.

ඔහු පවසන්නේ සිය චරිතය හා නම ඝාතනය කිරීමට උත්සාහ කරන පුද්ගලයින්ට සිය හද පතුලෙන්ම ආදරය කරන බවත් දිගින් දිගටම තමන්ට නින්දා කරන ලෙසයි.

එසේම තමන්ට පෞද්ගලික අංශය මගින් ලැබුණ රැකියා අවස්ථා වෙනුවෙන් රැකියා විරහිතවූවන් යෙදවීමට කටයුතු කළ බවත් හම්බන්තොට ප්‍රදේශයේ විශාල රැකියා වියුක්තියක් පවතින බවත් පෙන්වා දෙනවා.

12401

(අදාළ වීඩියෝව පහතින් දැක්වෙයි)