Monday, September 23, 2024

General line - 0115112241

වතු වැටුප් ගිවිසුමට අත්සන් තැබේ




වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 730 ක් දක්වා වැඩි කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමට අද (18) පස්වරුවේ අත්සන් තැබුණා.

ඒ, වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු ඒකාබද්ධ වෘත්තීය සමිති අතරයි. මෙම ගිවිසුම වසර 2 ක කාලයක් සඳහා වලංගු වනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ලංකා කම්කරු කොංග‍්‍රසය ඉදිරිපත් කළ යෝජනා 3 ක් ද ගිවිසුමට ඇතුළත් කළ බවයි.

තේ දළු නෙළමින් සිටින අවස්ථාවලදී බඹර ප‍්‍රහාරවලට ලක්වන වතු කම්කරුවන් යළි සේවයට පැමිණෙන තෙක් ඔවුන්ට අදාළ වැටුප ගෙවීමේ යෝජනාවක් ද ඊට ඇතුළත්. ඊට ද වතු හාම්පුතුන්ගේ සංගමය එකඟතාව පළ කර තිබෙනවා.

01-3