Monday, September 23, 2024

General line - 0115112241

දුම්රිය නැවතුනේ කාර්මික දෝෂයෙන්ද? රියදුරාගේ වැරැද්ද වහන්නද?




අලුත්ගම දුම්රිය ස්ථානයෙන් උදෑසන 06.05 ට මරදාන බලා ගමන් ආරම්භ කරන දුම්රිය විටින් විට කාර්මික දෝෂයට ලක්වීම සම්බන්ධයෙන් එහි ගමන් ගන්නා මගීන් අද (18) පැමිණිල්ලක් සිදුකළා.

ඒ, පානදුර දුම්රිය ස්ථානාධිපතිවරයා වෙතයි.

එම දුම්රිය අද දිනයේ ද පානදුර දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක් වූ බව පවසමින් දුම්රිය ධාවනය නතර කෙරුණා.

මගීන් පවසන්නේ දුම්රිය රියදුරා ප‍්‍රමාද වී පැමිණි දින කිහිපයකදීම දුම්රිය හදිසියේ  කාර්මික දෝෂයකට ලක්වීම සැක සහිත බවයි.

මෙහිදී දුම්රිය මගියෙකු සඳහන් කළේ “අලුත්ගම දුම්රිය ආරම්භ වන්නේ 06.05 ට පමණ..ඒකේ රියදුරා එන්නේ ඉඳුරුව කොස්ගොඩ පැත්තෙ ඉඳලා. එයා එන්නේ ගාල්ල පැත්තෙ ඉඳලා එන දුම්රියකින්. අද ඔහු ආවේ හික්කඩුව දුම්රියෙන්. ඒක අලුත්ගමට එන්නෙ 06.20 ට. එම රියදුරා අලුත්ගම දුම්රිය ගමන් ආරම්භ කළ යුත්තේ 06.05 ටයි. ප්‍රමාද වෙලා හරි දුම්රිය ධාවනය කළුතර දක්වා සාමාන්‍ය පරිදි සිදු වුණා. කළුතර ඉඳලා පානදුර දක්වා මන්දගාමීව දුම්රිය ධාවනය කරලා එක පාරට පානදුරේ නතර කළාට පස්සේ කාර්මික දෝෂයක් කිව්වා. අපි මේ ගැන පැමිණිලි කරන්න දුම්රිය ස්ථානාධිපතිවරයා හමු වූ අවස්ථාවේ ඔහු කිව්වේ ඔහුත් කාර්මික දෝෂයක් කියලා නොදන්නා බවයි. කොහොමහරි අපි පැමිණිල්ල දාලා කිහිපදෙනෙකු ඊට අත්සන් කළා. මේ පළමුවෙනි අවස්ථාව නෙමෙයි. මේ දුම්රියේ රියදුරා ප්‍රමාද වුණු මීට පෙර අවස්ථාවලත් මේ විදිහටම කාර්මික දෝෂ කියලා දුම්රිය අතරමග නතර කළා. ඒකයි අපිට තියෙන සැකය.” යනුවෙනි.

14581570_1136414833074900_1672169686727503947_n-1 14581570_1136414833074900_1672169686727503947_n 14595711_1136415069741543_3456896100749691932_n 14610961_1136414876408229_8376847161200071233_n-114691137_1136414993074884_3707646828664563411_n 14725676_1136414873074896_2824242034822386057_n