Monday, September 23, 2024

General line - 0115112241

පරිසරය විනාශ කළොත් දැඩි දඬුවම්




පරිසර විනාශයත් සමග ඇතිවන ඛේදවාචකයන්ට රට පමණක් නොව මුළු ලෝකයටම මුහුණදීමට සිදුව ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

පරිසර විනාශයට එරෙහිව රජය දැඩි ප‍්‍රතිපත්තියක කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ඒ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (18) පැවති ‘‘ශ‍්‍රී ලංකා නෙක්ස්ට් – නීල හරිත යුගයක්’’ සමාජගත කිරීමේ ප‍්‍රධාන උත්සවය අමතමින්.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පරිසරය විනාශ කිරීමට යම් ආයතනයක් හෝ පුද්ගලයින් හෝ කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩි නීති රීති කි‍්‍රයාත්මක කිරීමට රජය පසුබට නොවන බවයි.