Monday, September 23, 2024

General line - 0115112241

“අනේ දිල්රුක්ෂි හිටියා නම් හොඳයි කියන්න ඉඩ තියන්න එපා”




අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ඉල්ලා අස්වීම එම කොමිසම පිළිබඳ ජනතා විශ්වාසය ඇතිවීමට හේතුවක් වනු ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසුවා.

එහෙත් පෙර මෝඩ රජදරුවන් කලා සේ ඉඟුරු දී මිරිස් ගත් අයුරින් දිල්රුක්ෂි යවා අර්ජුන් මහේන්ද්‍රන් එම පුටුවට පත්කරාවිදැයි නොදන්නා බව ද ඔහු සඳහන් කළා.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “අන්තිමට අනේ දිල්රුක්ෂි හිටියනම් හොඳයි කියන්න නොසිදුවෙන ආකාරයේ පත්වීමක් ආණ්ඩුව කළ යුතුයි කියලාත් අපි කියන්න ඕනේ” යනුවෙනි.