Monday, September 23, 2024

General line - 0115112241

මේජර් විමල් කොටි සාමාජිකයාගේ පවුලට ලක්ෂ විස්සේ වන්දිය ගෙවයි




හමුදා අත්අඩංගුවෙන් පලා යාමට උත්සහ දැරීමේදී වෙඩි වැදී මියගිය බව කියන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගේ පවුලේ සාමාජිකයින්ට මේජර් විමල් වික‍්‍රමගේ අද (18) රුපියල් ලක්ෂ 20ක වන්දි මුදලක් ගෙවනු ලැබුවා.

අදාළ වන්දිය ගෙවීම සඳහා මුදල් එක්රැස් කර ගැනීමට මුල සිටම නෙත් එෆ්.එම්. රේඩියෝව ඔහුට දායකත්වය ලබාදුන්නා.

ඒ අනුව මේජර් විමල් වික‍්‍රමගේ හට පළමුව මූල්‍යාධාර සපයනු ලැබුවේ ද නෙත් එෆ්.එම්. රේඩියෝවයි.

අධිකරණයේ නියෝග මත අද මෙම වන්දි මුදල ගෙවීම සිදුවූයේ කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන ඉදිරියේයි. මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගේ ළඟම ඥාතීන් වෙත අදාළ මුදල පිරිනැමීමටයි අධිකරණය උපදෙස් ලබා දී ඇත්තේ.

මේ අතර මේජර් විමල් වික‍්‍රමගේ විසින් රුපියල් දස දහසක දඩ මුදලක් ද අධිකරණයට ගෙවනු ලැබුවා.