Monday, September 23, 2024

General line - 0115112241

ඖෂධ මිල අඩුවීම සිකුරාදා සිට




අඩු කළ ඖෂධ මිල ලබන සිකුරාදා මධ්‍යම රාත‍්‍රියේ සිට කි‍්‍රයාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඒ අනුව අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු වනු ඇති. රටේ පවතින වැඩිම රෝග සංඛ්‍යාවකට ලබා ගන්නා ඖෂධ මේ අතර වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. ඒ අතර දියවැඩියාව, අධික රුධිර පීඩනය, හදවත් රෝග, අපස්මාරය, ඇදුම, අතරයිටීස්, මානසික රෝග සහ වේදනා නාශක ඖෂධ ඇති බවත් පෙන්වා දුන්නා.

අඩු කළ ඖෂධ මිල ක්‍රියාත්මක වී දවසින් දෙකින් සියලු ප්‍රතිපල බලාපොරොත්තු නොවන ලෙසත් අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කළා. ඒ සඳහා සති 45 ක් වත් ලබාදිය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අමාත්‍ය රාජිත සේනාරත්න මේ බව සඳහන් කළේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (18) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.