Monday, September 23, 2024

General line - 0115112241

යුරෝපා සංගමයෙන් බිලියන 34 ක ආධාර එයි




ශ්‍රී ලංකාව වෙත 2020 දක්වා කාලය තුළ යුරෝ මිලියන 210 ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 34ක්) සංවර්ධන ආධාර යුරෝපීය සංගමය වෙතින් ලබා දෙන බව අද (18) බ්‍රසල්ස් නුවර දී නිවේදනය කෙරුණු බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

2007 සිට 2013 දක්වා ලබා දුන් ආධාර මුදල් හා සසඳන කළ මෙය දෙගුණයකින් වැඩිවීමකි.

තිරසාර සාමය ස්ථාපිත කිරීම, අභ්‍යන්තර අවතැන් වූවන් යළි පදිංචි කිරීම, දුප්පත්කමින් පීඩිත ප්‍රදේශ සංවර්ධනය කරලීම උදෙසා මේ ආධාර ලබා දීමට යුරෝපීය සංගමය කටයුතු කරනු ඇති.

පසුගිය මාස 21 ක කාලය තුළ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සම්බන්ධව ද යුරෝපීය සංගමයේ ප්‍රසාදය හිමි වී තිබෙනවා.