Monday, September 23, 2024

General line - 0115112241

සජිත්ගේ රැකියා දීමේ ක්‍රමවේදය අල්ලස් කොමිසමටත් යයි




අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සම්බන්ධ වී පිරිසකට රැකියා ලබාදෙන ආකාරය දැක්වෙන ආන්දෝලනාත්මක වීඩියෝ පටය සම්බන්ධයෙන් සමාජවාදී තරුණ සංගමය අද (18) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ප්‍රතිචාර දැක්වුවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි ජාතික සංවිධායක එරංග ගුණසේකර සඳහන් කළේ උස් මිටිකම් සළකා රැකියා ලබා දීමට අමාත්‍යවරයාට ඇති බලය කුමක්ද යන්නයි. එමෙන්ම තමන්ට වැඩ කළ අය වෙනුවෙන් පමණක් රැකියා ලබා දීමේ ක්‍රමවේදය කුමක්ද යන්නත් ප්‍රශ්න කළා.

මීට පෙර රජයන් තුළද අමාත්‍යවරු මේ ආකාරයේ ක්‍රමවේදයන් අනුගමනය කර තිබුණද ඒ සම්බන්ධයෙන් මේ ආකාරයේ ප්‍රබල සාක්ෂියක් හමුවූ පළමු අවස්ථාව මෙය බවත් සඳහන් කළා. කෙසේවෙතත් මෙම සිද්ධිය පිළිබඳව ඉදිරියේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට පැමිණිලි කිරීමට සිය සංවිධානය කටයුතු කරන බවත් සඳහන් කළා.