Monday, September 23, 2024

General line - 0115112241

හිටපු හමුදාපති දයා රත්නායකත් ජනපති කොමිසම හමුවට




හිටපු හමුදාපතිවරයෙකු වන ජෙනරාල් දයා රත්නායක බරපතල වංචා දූෂණ පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශන කොමිසන් සභාව හමුවට අද (20) පැමිණියා.

ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහායි. අදාළ ප්‍රකාශය ලබා ගැනීම සිදු කෙරෙන්නේ දයා රත්නායක මහතා ආපදා අවස්ථාවක ඊට අදාළ ප්‍රදේශවල ජනතාවට සහන සැළසීම සඳහා තවත් රාජ්‍ය ආයතනයකින් ලබා ගත් සේවා හා මූල්‍ය ප්‍රතිපාදන යෙදවීම් පිළිබඳවයි. දයා රත්නායක මහතාට මෙම කැඳවීම සිදු කර තිබෙන්නේ එම රාජ්‍ය ආයතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන වෙනත් විමර්ශනයකදී, එහි ගිණුම්වලින් මුදලක් දයා රත්නායක මහතාගේ ඉල්ලීමකට අනුව නිදහස් කිරීමට අදාළ ලිපිගොනුවක් විමර්ශනය කිරීමේදීයි.

මේ වන විට බරපතල වංචා පිළිබඳ ජනාධිපති  කොමිසමේ සිටින නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ අද පෙරවරු 10.00 ට හිටපු හමුදාපතිවරයා මෙම ස්ථානයට පැමිණි බවයි.

 

ගෝඨා ඇතුළු තිදෙනෙක් උසාවියට දක්කන් යෑම ගැන ජනපති කතා කරයි (VIDEO)