Monday, September 23, 2024

General line - 0115112241

හානි හෝ විකෘති කර ඇති මුදල් නෝට්‌ටු භාර ගන්න එපා – භාර ගත්තොත් පාඩු වෙයි




හිතාමතා හානිකර ඇති හෝ විකෘති කර ඇති මුදල් නෝට්‌ටු භාර ගැනීමෙන් වළකින ලෙසත් එසේ භාර ගන්නා මුදල් නෝට්‌ටුවල මුහුණත වටිනාකම සම්පූර්ණයෙන් පාඩු විඳීමට සිදුවනු ඇති බවත් මහ බැංකුව මහජනතාවට දැනුම් දෙනවා.

එවැනි මුදල් නෝට්‌ටුවලට මහ බැංකුව විසින්ද කිසිඳු ගෙවීමක්‌ සිදු නොකරන බවයි පැවසෙන්නේ.

මේ නිසා ගනුදෙනු සිදු කිරීමේදී එවැනි හිතාමතා විකෘති කරන ලද හෝ හානිකරන ලද මුදල් නෝට්‌ටු භාර ගැනීම ප්‍රතික්‌ෂේප කළ යුතු බවද මහ බැංකුව පෙන්වා දෙනවා.

මේ බවට මහජනතාව දැනුවත් කිරීම සඳහා මහ බැංකුව දැන්වීම් පළකළ බවද ජාතික ධනය ඉතිරි කර ගැනීම සඳහා ව්‍යවහාර මුදල් නෝට්‌ටු පරිස්‌සමින් හා පිරිසිදුව භාවිත කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද මහ බැංකුව තවදුරටත් පෙන්වා දෙනවා.

01 02 03