අඩු ආදායම්ලාභීන් සඳහා ලබා දී ඇති මහල් නිවාසවල අයිතිය ඔවුන්ට ලබාදීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා.
එමෙන්ම එම මහල් නිවාසවල නඩත්තු කටයුතු, ආරක්ෂාව ඇතුළු අනෙකුත් කටයුතු සිදුකරගෙන යාම සඳහා එම නිවැසියන් ද සම්බන්ධ කර ගනිමින් වැඩපිළිවෙලක් සකස් කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
ඉදිරියේදී ක්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘතිවල වෙනසක් සිදුකරන බවද නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසුවා.