කන්දකැටිය, 15 කණුව ප්රදේශයේදී ගිනි අවි 04ක් සන්තකව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ලද තොරතුරක් මත කන්දකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි 04ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහකිවුල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කන්දකැටිය පොලීසිය මගින් ක්රියාත්මකයි.