වැල්ලවාය, යාලබෝව ප්රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා මොණරාගල දිස්ත්රික් මහ රෝහලට මාරු කර යවා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එලෙස තුවාල ලැබූවන් අතර වැල්ලවාය පොලිස් ස්ථානයේ රථ වාහන අංශයට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුද වනවා.
තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැල්ලවාය ප්රදේශයේම පදිංචි වයස අවුරුදු හැත්තෑ පහක පුද්ගලයෙක්.