Wednesday, January 15, 2025

General line - 0115112241

පොලීසියට පහර දීමේ වගකීම ‘‘ආවා’’ සංවිධානය භාර ගනී




යාපනය චුන්නාක්කම් ප‍්‍රදේශයේදි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ඉකුත්දා එල්ල වූ ප‍්‍රහාරයේ වගකීම ‘‘ ආවා ’’ නමැති සංවිධානය භාර ගෙන තිබෙනවා.

ආරක්ෂක අංශ පැවසුවේ ප‍්‍රහාරයේ වගකීම තමන් භාර ගන්නා බව සඳහන් පති‍්‍රකා යාපනයේ ප‍්‍රදේශයේ බෙදාහැර ඇති බවයි.

යාපනය විශ්ව විද්‍යාලය අසලදීද මෙම පති‍්‍රකා තොගයක් සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් සැබෑ ලෙසම ‘‘ ආවා ’’ නම් වූ මෙම සංවිධානය විසින් ප‍්‍රහාරය සිදු කළේද නැතහොත් ඔවුන්ගේ නම භාවිත කරමින් කිසියම් පිිරිසක් මෙම පති‍්‍රකා බෙදාහැරියා දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ මේ වන විට පුළුල් පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පහරදීමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 4 දෙනෙකුට හඳුනාගෙන ඇතැයි පොලිසිය පැවසුවා.

aawa-www-nethnews-lk00001