Thursday, March 28, 2024

General line - 0115112241

ගනර් සුපර් ක්‍රොස් ධාවන තරගය සාර්ථකව (UPDATE)




ශ‍්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ ශ‍්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය එක්ව සංවිධානය කරන ගනර් සුපර් ක්‍රොස් ධාවන තරගය ඊයේ (10) මින්නේරිය කාලතුවක්කු හමුදා කඳවුරේ ධාවන පථයේදී සාර්ථකව පැවැත්වුණා.

11 වන වරට පැවති මෙම තරගාවලියට ඇතුලත් වූ ධාවන ඉසව් සංඛ්‍යාව විසි තුනක්.

මෙවරත් ගනර් සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගය සදහා මාධ්‍ය අනුග‍්‍රාහකත්වය ලබාදුන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.

…………………………………………………………………….

ගනර් සුපර් ක්‍රොස් ධාවන තරගාවලිය ඇරඹෙයි (UPDATE)

ශ‍්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ ශ‍්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය එක්ව සංවිධානය කරන ගනර් සුපර් ක්‍රොස් ධාවන තරගය අද (10) මින්නේරිය කාලතුවක්කු හමුදා කඳවුරේ ධාවන පථයේදී පැවැත්වෙනවා.

මෙවර 11 වන වරට පවත්වන මෙම තරගාවලිය ධාවන ඉසව් විසි තුනකින් සමන්විතයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සේනාවිධායක මේජර් ජෙනරාල් පි‍්‍රයන්ත ජයසුන්දර මහතා සඳහන් කළේ මේ සඳහා තරගකරුවන් 160 දෙනෙකු පමණ සහභාගී වෙන බවයි. මින් ලැබෙන ආදායම යුද්ධයේදී මිය ගිය රණවිරුවන්ගේ පවුල් සඳහා යෙදීවීමට කටයුතු කරන බවද සඳහන් කළා.

මෙවරත් ගනර් සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගය සඳහා මාධ්‍ය අනුග‍්‍රාහකත්වය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.

DSCN9078 DSCN9088 DSCN9110 DSCN9112 IMG_4867 IMG_4872 IMG_4873 IMG_4876 IMG_4878 IMG_4880 IMG_4881 IMG_4883 IMG_4886 IMG_4892 IMG_4894 IMG_4896IMG_4902 IMG_4903 IMG_4906 IMG_4915 IMG_4919 IMG_4925 IMG_4929 IMG_4937 IMG_4942 IMG_4945 IMG_4947 IMG_4955 IMG_4956 IMG_4958 IMG_4959 IMG_4961 IMG_4962 IMG_4964 IMG_4965 IMG_4966 IMG_4972 IMG_4973 IMG_4974 IMG_4976 IMG_4977 IMG_4980 IMG_4984

 


ගනර් සුපර් ක්‍රොස් ධාවන තරගාවලියට පෙර සූදානම

(Jul 9, 2016 @ 14:51)

ගනර් සුපර් ක්‍රොස් ධාවන තරගාවලිය හෙට (10) දිනයේ මින්නේරිය කාලතුවක්කු හමුදා මෝටර් රථ ධාවන පථයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අතර තුර පුහුණුවීම් කටයුතු අද (09) දිනයේ සිදු කෙරෙන අයුරු පහතින් දැක්වේ.

gunner supercross www.nethfm.com1 gunner supercross www.nethfm.com2 gunner supercross www.nethfm.com3 gunner supercross www.nethfm.com4 gunner supercross www.nethfm.com5