Saturday, September 21, 2024

General line - 0115112241

තරුණයන් දෙදෙනෙකු Adam’s Peak නම මකයි (PHOTOS)




ශ්‍රී පාදස්ථානයට තවත් නමක් ලෙස භාවිතා කරන ආදම්ගේ ස්ථානය හෙවත් ඉංග්‍රීසි ‍භාෂාවෙන් Adam’s Peak යනුවෙන් සඳහන් නාමපුවරුවක Adam’s Peak යන්න මකා දැමූ බව කියන තරුණයන් දෙදෙනෙකුගේ ඡායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාලයේ සමාජ ජාල පිටු කිහිපයක හුවමාරුවෙමින් පවතිනවා.

Google Maps හී ශ්‍රී පාදස්ථානයේ , Adam’s Peak යනුවෙන්ද හඳුන්වා දී තිබීම වරදක් බව පෙන්වමින් සමාජ ජාල වෙබ් පිටු කිහිපයක් Adam’s Peak යන නම එම සිතියමෙන් ඉවත් කර ශ්‍රී පාදය යන්න පමණක් එහි ප්‍රදර්ශණය කරන ලෙස ඉල්ලා ගූගල් සමාගම වෙතද ඉල්ලීම් කර තිබුණා.

ශ්‍රී පාදය දෙසට තිබෙන මාර්ගයක භාෂා තුනෙන්ම මාර්ගය පෙන්වා දී තිබූ පුවරුවක Adam’s Peak යන්න පමණක් මෙම තරුණයන් දෙදෙනා විසින් මකා දමා තිබූ අයුරු අදාළ පින්තූරවළ දැක්වෙනවා.

Adam’s Peak යන්න මකා දැමීමට පෙර මෙම තරුණයන් දෙදෙනා තීන්ත ස්ප්‍රේ බෝතලයක්ද අතැතිව එම නාම පුවරුව ඉදිරියේ සිට ඡායාරූපයක්ද ලබාගෙන තිබුණා.

එම ඡායාරූප පහතින් දැක්වේ

01 14963253_714494625376126_1366065761703792112_n

මෙම නාම පුවරුව කලින් දිස් වූ අයුරු පහතින් දැක්වේ

dscf5347 img_1347-copy

086-start-of-adams-peak-or-sri-pada

සබැඳි පුවත්

Adam’s Peak ‘ශ්‍රී පාදය’ කරන්නේ මෙහෙමයි (VIDEO)